එම තත්වය තුළ සමහර සමාජ මාධ්‍ය ජාල මගින් මහජනතාවට මත්ස්‍ය පරිභෝජනය නොකරන ලෙස ප්‍රචාරණයක් ගෙන ගියද ඒ පිළිබද අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ නෞකාව හානියට පත් වෙමින් පවතින කොළඹ මුහුදු තීරයේ හා මීගමු මුහුදු තීරයෙත් ධීවර කටයුතු වල යෙදීමෙන් වලකින ලෙස දැනටමත් ධීවර පරීක්ෂකවරුන් හරහා ධීවර ප්‍රජාව දැනුවත් කර ඇති බවයි.
නාරා ආයතනයේ පරීක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ගනිමින් සාගර පරිසර පද්ධතිය හා මත්ස්‍ය ජීවීන් පිළිබද අධ්‍යනය කරමින් සිටින අතර එහි වාර්තාව ලැබීමෙන් පසු සාගරයට සිදු වු හානිය පිළිබද තක්සේරුවක් කරමින් එහි වන්දිය ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මත්ස්‍ය පරිභෝජනය කිරීමට ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් මෙම නෞකාව හානියට පත් වු ප්‍රදේශයෙන් පිටතට එහි අපද්‍රව්‍ය යාමට නොදී රටවටා ඇති මුහුදු තීරය රැක ගැනීමට ද කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.