ඒ, සැකකරු මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද (28) ඉදිරිපත් කළ අවස්ථාවේදී. මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා පැවති එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඒ පිළිබඳව මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අතර ඔහු අද ගල්කිස්ස පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. සැකකරු මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නියෝග කෙරිණ.