ගාල්ල, මාතර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ. මීට සමගාමීව යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ද ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙළ හෙට සිට ක්‍රියාත්මක කෙරේ. එහිදී රුසියානු ස්පුට්නික්-වී එන්නත ලබාදීමට නියමිතයි. එන්නත්කරණය පිලිබඳ විශේෂ සාකච්ජාවක් කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාල ජාතික පාසල් පරිශ්‍රයේදී අද (29) පැවැත්විණ.
ප්‍රමුඛතාව අනුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද එන්නත්කරණය හැකි ඉක්මනින් ආරම්භ කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.