චන්දිමාල්ට සහ පියුමි හංසමාලිට ඇප

මැයි 31, 2021

    අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.

    රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

    නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී ඊයේ (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

    මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේවන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
    සාදයට පුද්ගලයින් 25 -30 ත් අතර සංඛ්‍යාවක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
    සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.
    Last modified on සදුදා, 31 මැයි 2021 15:57

    Latest News