දිස්ත්‍රික්ක 9ක එන්නත්කරණය අදත් සාර්ථකයි

ජූනි 02, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 9ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.

    ඊයේ එන්නත් මාත්‍රා 76,346ක් ලබා දී තිබේ. මෙරට එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මස 29 වැනි දිනයි. අනතුරුව පසුගිය මැයි 26 වැනි දින බස්නාහිර පළාතෙන් පිටත ජනතාවට පළමුවරට එන්නත් ලබාදීම ආරම්භ කෙරිණ. ඒ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් ලබාදීම සිදු කරමින්.

    27 වැනි දින ගාල්ල සහ මාතර ජනතාවට එන්නත්කරණය ආරම්භ කෙරිණ. යාපනය රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් 30 වැනි දිනයි.

    ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 1,272කට ලබාදී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට 57,706ක් ඇතුළත්. මේ අතර ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 17,368කට ලබාදී තිබේ.

    Latest News