තබ්බෝව හා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ජූනි 04, 2021

    අධික වර්ෂාපතනය ත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවත් මේ වනවිට ඉන් තත්පරයට ඝණ අඩි 3240ක් ජල ධාරිතාවක් මුදා හරින බව, වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.

    මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ද අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් ද තත්පරයට ඝණ අඩි 2800ක ජල ජලධාරිතාවක් මුදාහරිමින් ඇත.

    තව ද ඉගිණිමිටිය ජලාශයත් මේ වනවිට උපරිම ධාරිතා මට්ටමට පැමිණ ඇති බැවින් වාන්දොරටු කිහිපයක් විවෘත කිරිමේ සූදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසී ය.

    මේ අනුව තවදුරටත් එම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් ඉදිරියටත් දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Latest News