දිවයින පුරා බොහෝ පිරිස් කාබනික නිෂ්පාදනයට සහ භාවිතයට යොමු වෙලා

ජූනි 13, 2021

    දිවයින පුරා බොහෝ පිරිස් කාබනික නිෂ්පාදනයට සහ භාවිතයට යොමුව ඇති බව අප වාර්තාකරුවන් පවසයි.

    රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීමට රජය ගත් තීරණය ඊට හේතුවයි. කාබනික පොහොර කිලෝ දහසකට අධික ප්‍රමාණයක් අම්බලන්තොට කාබනික පොහොර නිෂ්පාදනාගාරයෙන් නිෂ්පාදනය කෙරේ.

    එය ස්ථාපනය කර ඇත්තේ, අම්බලන්තොට, උහපිටගොඩ ප්‍රදේශයේයි. අම්බලන්තොට කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 55ක් පවතින අතර එහි දිරන සුළු අපද්‍රව්‍ය එකතුකර නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රියා කරන බව, ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා පවසයි.

    Latest News