නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,356 ක් අත්අඩංගුවට

ජූනි 15, 2021

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,356 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    දිනක් තුළ අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටී. සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමේ මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 33,949ක්.

    Last modified on අඟහරුවාදා, 15 ජූනි 2021 19:00

    Latest News