ඊයේ සවස මෙලෙස හදිසි ගිලා බැසීමකට ලක්ව ඇත්තේ කුරුණෑගල නුවර මාර්ගයේ කටුගස්තොට මංසන්ධියට කිලෝමීටර් 2ක් දුරින් ඉදි කෙරෙමින් පවතින පස්මහල් වාණිජ ගොඩනැගිල්ලක්.
ගොඩනැගිල්ල ගිලා බැසීම හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. අදාළ ස්ථානය යථා තත්වයට පත් කරන තෙක් නැවත දැනුම් දෙන තුරු කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් වැළකී සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.