ආරක්ෂක අංශ මගින් පාලනය කළ නොහැකි තරමට විරෝධතා සඳහා පිරිස් සහභාගී වෙමින් සිටියි. විරෝධතා ක්‍රමයෙන් මංකොල්ලකෑම් හා දේපල විනාශ කිරීමේ භයානක තත්වයකට ද පත්ව තිබේ. සාමාන්‍ය ජනතාව තම ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීම සඳහා ආයුධ සන්නද්ධව සිටින බවයි,වාර්තා වන්නේ.
මංකොල්ල කණ්ඩායම්,විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ යන කණ්ඩායම් ත්‍රිත්වයක වියවුල් සහගත තත්වයක් සමහර ප්‍රදේශවලින් දැක ගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන්.
ආහාර හා භාණ්ඩ කොල්ලකරුවන් විසින් සොරා ගනු ලැබීම හේතුවෙන් රට තුළ ආහාර හා ඉන්ධන සම්බන්ධ ගැටලු රැසක් ද මතුව තිබේ.