මාර්ගෝපදේශ අලුත් වෙයි - ශාලාවන් තුළ සංගීත සංදර්ශනවලට අවසර

ජූලි 16, 2021

    අද සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    සංශෝධිත මාර්ගෝපදේශ මාලාවට අනූව ආගමික ස්ථාන විවෘතව පවතින අතර ආගමික උත්සව සඳහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කරන බවයි දක්වා ඇත්තේ.

    සත්ව උද්‍යාන,වනජීවී උද්‍යාන විවෘතව පවතියි. සත්ව උද්‍යාන සඳහා වරකට ඇතුළත් කර ගත හැක්කේ පුද්ගල ධාරිතාවයෙන් 25%ක් පමණයි. කොවිඩ්-19 රෝගය පැතිරීමට හේතුවන ක්‍රීඩා හැර අනෙකුත් ක්‍රීඩා තරග සහ කණ්ඩායම් ක්‍රීඩා සඳහා ද අවසර ලබා දී තිබේ. ළමා උද්‍යාන විවෘතව පවතියි. නවාතැන් ස්ථාන හා බෝඩිම් නිවාස සඳහා අවසර ලබාදී තිබේ.

    ත්‍රාස්‍යජනක ක්‍රියාකාරකම් සහ කඳවුරු පරිශ්‍ර පැවැත්විය හැකියි. ශාලාවන් තුළ ධාරිතාවයෙන් 50%කට සීමාවකට යටත්ව සංගීත සංදර්ශන පැවැත්විය හැකියි. එළිමහන් සැණකෙළි හා සංගීත සංදර්ශන සඳහා අවසර ලබාදී නොමැත. මෙම ලිහිල් කිරීම් හුදෙකලා භාවයට පත් කර ඇති ප්‍රදේශ සඳහා වලංගු නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

    health

    Latest News