අමරපුර මහා නිකායේ මහානායක පදවිය අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන්ට...

ජූලි 21, 2021

    අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය සඳහා අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් පත් කරනු ලැබ සිටී.

    අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුරට, දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් පත් කරනු ලැබුවේ, අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදී.

    අමරපුර මහා නිකායේ අභිනව මහා නායක ධූරයට පත් අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් මාතර-දොඩම්පහළ ග්‍රාමයේ දී උපත ලැබුවේ 1939 දෙසැම්බර් 29 වැනි දිනයි.

    කුල කුමරු පැවිදි දිවියට ඇතුළත් වූයේ 1950 වසරේදී. මිහින්තලය “කළුදිය පොකුණ තපෝවනය“ කෑගල්ල අභයභූමි තපෝවනය ඇතුළු භාවනා මධ්‍යස්ථාන රැසක් බිහි කිරීමට මුල්වූ දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නා හිමියන් කලපළුවාව-ගෝතම තපෝවන භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ධූරය ද හොඹවයි.

    උන්වහන්සේ අමරපුර මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ මහානායක ධුරය ද දැරූ අතර, අමරපුර මහා නිකායේ ඉහළ තනතුරු රැසක් ද හොඹවා තිබේ.

    Latest News