රුපියල් කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය මන්නාරමින්..

අගෝ 01, 2021

    රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම සිරිතොප්පු හන්දියේ දී අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

    සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 195 ක් පොලිසිය භාරයට ගෙන ඇත. නාවික හමුදා බුද්ධි අංශයේ ලබාදුන් තොරතුරකට අනුව හමුදා නිලධාරින් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී සැකකාර පුද්ගලයා ගමන් ගත් යතුරු පැදිය නවතා පරික්ෂා කිරීමේදී එහි අසුන යට සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියා සිටියේය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී ඇත.

    පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, නියෝජ්‍ය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි.බි.කේ. සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මන්නාරම කඳවුරේ දෙවන කඳවුරේ අණදෙන නිලධාරී ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර තිබේ.

    Latest News