ශර්මිලාගේ පෙත්සම අහෝසි කිරිමට ඉල්ලීමක්

පෙබ 12, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කිිරිමට ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබේ.

    මෙම පෙත්සම ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

    වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව හා මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මෙම මූලික විරෝධතාව මතු කර ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 3 ට අනුව පෙත්සමක් ගොනු කිරීමේදී එය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ ලේඛන වල මුල් ලේඛන හෝ සහතික කළ ලේඛන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීඊශ්වරන් මහත කියා සිටියේය.

    පෙත්සම්කාරුවන් ඉදිරිපත් කරන ලේඛණ බොහොමයක් මුල් ලේඛන හෝ නිසි පරිදි සහතික කළ ලේඛන නොවන බව ඔහු අධිකරණය හමුවේ පෙන්වා දුනී. එ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනිව ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙම මූලික විරෝධතාව තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කර නොතිබීම ඌනතාවක් ලෙස එම නීතිඥයින් අධිකරණයට පෙන්වා දුනී. පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන් ද එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මූලික විරෝධතාවන්ට කරුණු දැක්වීමට කල් ලබා දෙන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළේය. ලබන 26 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නියම කෙරිණ.

    කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බව ශර්මිලා ගෝනවල සිය පෙත්සමෙන් කියා සිටි.

    Latest News