සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

අගෝ 07, 2021

    ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තවත්  සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් චීනයේ බිජිං නුවර සිට අද (07) ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්.1869, යූඑල් 865 හා යූඑල් 869 දරණ විශේෂ ගුවන් භාණ්ඩ යානා මගින් මෙම එන්නත් තොගය කොළඹට රැගෙන එනු ලැබීය.

    ජාතික අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මාසයේ සිට ගුවන් සමාගම විසින් සයිනොෆාම් එන්නත් මිලියන 16.3ක් සඳහා ගුවන් පහසුකම් ලබාදී තිබේ.

    දැනටමත් ශ්‍රී ලංකාව කලාපය තුළ එන්නත් කිරීමේ ඉල්ලක වේගයෙන්ම සපුරා ගන්නා රට බවට එක්ව තිබේ. එන්නත් ප්‍රවාහනය වේගවත් කරමින් ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරයට අඛණ්ඩව සහය ලබාදීමට ගුවන් සේවය කටයුතු කරයි. ජාතික ගුවන් සේවයට මෙම ජාතික ප්‍රයන්නයේ කොටසක් වීමට හැකි වීම පිළිබඳ ආඩම්බරයට පත්වෙයි.

    සෞඛ්‍ය සේවා පද්ධතියට අඛණ්ඩව සහය දැක්වීම සඳහා කටුනායක ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ප්‍රමුඛතා පදනම මත ගුවන් භාණ්ඩ කොළඹට මුදා හැරීම සිදුකරයි. මීට අමතරව ශ්‍රී ලංකන් කාගෝ විසින් ෂැංහයි වෙත නියමිත ගුවන් ගමන් හරහා Syringes සහ වෛද්‍ය උපකරණ රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 18:04

    Latest News