අද සහ හෙට බත්තරමුල්ල දියත උද්‍යානයේදී සයිනොෆාම් එන්නතේ පළමු හා දෙවැනි මාත්‍රාව ලබා දෙන අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ද එම ස්ථානයේ දී ලබාගත හැකියි.
එමෙන්ම, කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී සයිනොෆාම් එන්නතේ පළමු හා දෙවැනි මාත්‍රාව මෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.
එම ස්ථාන දෙකෙහිම එන්නත්කරණය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
මීට අමතරව, දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු පහත සඳහන් ස්ථානවලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.