ගිවිසුම අත්සන් කිරීම AGC ඉනෝවෙට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ආචාර්ය ජුඩිත් සමරනායක මහත්මිය සහ පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා අතර සිදුවූහ.
දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණයට කදිම විසදුමක් ලෙස මෙම ක්‍රමය භාවිතා කිරීමට නියමිතය.
ගිවිසුම් ප්‍රකාරව මුල් අදියරේ මෙම ක්‍රමය භාවිතා කරමින් ත්‍රිකුණාමලයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර 2ක් ඉදිකිරීමට යෝජිතය. මේ සදහා අවශ්‍ය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 4කි.
එම ප්ලාස්ටික් තොගය මඩකලපුව මහ නගර සභාවේ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය හරහා ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ඊට අමතරව තවත් ස්ථාන දෙකක්ද හදුනාගෙන තිබේ.
නැගෙනහිර පළාත් සභාව යටතේ තිබෙන නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ AGC ඉනෝවෙට් පුද්ගලික සමාගම එක්ව ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට දායකවීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැන්වේ.
මේ අවස්ථාවට පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.