මහනුවර ඇසළ පෙරහැර ජන සහභාගීත්වයකින් තොරව

අගෝ 10, 2021

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර තිබේ.

    අද පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා කියා සිටින්නේ.

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය,ඊයේ කප් සිටුවීමෙන් ආරම්භ කෙරිණ. එහි පළමු කුඹල් පෙරහර,ලබන 13 වැනිදා ආරම්භ වෙයි. පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේ, 18 වැනි දිනයි.

    ලබන 22 වැනි නිකිණි පොහෝ දින අවසන් මහා පෙරහැර පැවැත්වෙන අතර පසුදින දහවල් පෙරහැරෙන් ඇසළ මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතයි. 

    Latest News