උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට
පැයට කි.මි. 40-50 දක්වා වැඩිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.