ඒ මහතා මේ අදහස් පළ කළේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ආයතනයේ ප්‍රධානියා විසින් තම ළඟම ඇති ඩිපෝව වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දීමෙන් තම අවශ්‍ය රාජකාරි සඳහා ලංගම බස් රථ ලබා ගත හැකි බවත්, සාමාන්‍ය ටිකට් පතක් ලබාගෙන තම ගමනාන්තය දක්වා ගමන් කළ හැකි බවටත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ දින කිහිපය තුළ මාර්ගයේ පොදුවේ ධාවනය වන බස් රථ ගමන් නොකිරීමට කටයුතු කර ඇති බවත් මාධ්‍යවේදීන් සඳහා අත්‍යාවශ්‍ය සේවා යටතේ ධාවනය වන බස් රථ වල ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.