ජනාධිපතිතුමා දළඳා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී

අගෝ 23, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

    ශ්‍රී දළදා මාලිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථි සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක් වූහ.

    Latest News