"පොට්ට නවුෆර්" මියයයි

අගෝ 28, 2021

    මරණ දඬුවම නියමව සිටි පාතාල කල්ලි සාමාජික මොහොමඩ් නවුෆර් නොහොත් "පොට්ට නව්ෆර්" නැමැත්තා මියගොස් තිබේ.

    ඒ, කොවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන්. මොහොමඩ් නවුෆර් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරව සිටියේය. ඔහු අද සවස මියගිය බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

    මොහොමඩ් නවුෆර් වකුගඩු අක්‍රියවීමේ රෝගයෙන් කලක සිට පෙලුණු බව ද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 29 අගෝස්තු 2021 10:01

    Latest News