අවුරුදු 20ත් 30ත් අතර එන්නත්කරණය දිස්ත්‍රික් මට්ටමින්...(වීඩියෝ)

සැප් 03, 2021

    වයස අවුරුදු 20ත් 30ත් අතර පිරිස් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ඊයේ ආරම්භ කෙරිණ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. මේ සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය හිමිව තිබේ. ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනුයි.

    ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විසිරි සිටින වයස අවුරුදු 20ත්, 30ත් අතර සියලුම තරුණ ප්‍රජාවට එන්නත් ලබාදීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය අංශ, කොවිඩ් කාර්ය සාධක බලකාය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයවීමෙන්.

    Last modified on සිකුරාදා, 03 සැප්තැම්බර් 2021 17:52

    Latest News