එන්නත්කරණයෙන් ලොව පලමු තැනට ශ්‍රී ලංකාව

සැප් 04, 2021

    ජනගහනයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

    එන්නත්කරණය සම්බන්ධව දත්ත විශ්ලේෂණ ආයතනයක් වන අවර් වර්ල්ඩ් (Our World in Data) ආයතනය මේ බව තහවුරු කර ඇත. එහි ප්‍රධානී එඩුවාඩ් මතෙව් ඉකුත් සතියේ එම දත්ත සිය ට්විටර් ගිණුම ඔස්සේ එළිදක්වා තිබේ. එමෙන්ම චීන තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇත.

    ඒ අනූව ඉකුත් සතිය තුළ පමණක් මෙරට ජනගහනයෙන් 13% කට කොරෝනා එන්නත් ලබා දී තිබේ. 

    එම ශ්‍රේණිගත කිරීම් අනූව දෙවැනි තැන හිමිවන්නේ ලතින් අමෙරිකානු රටක් වන ඉක්වදෝරයයි. එහි ජනගහනයෙන් 12.5%කට එන්නත් ලබා දී ඇත.

    තුන්වැනි ස්ථානය හිමි කරගෙන ඇති බෘනායි රාජ්‍යයේ 11.7%කට එන්නත් ලබා දී තිබේ.

    සිව්වැනි ස්ථානය නවසීලන්තයට හිමිව තිබේ.

    Deat

    https://twitter.com/redouad/status/1433747600390475781?s=20

     

    Last modified on සෙනසුරාදා, 04 සැප්තැම්බර් 2021 19:35

    Latest News