දික්ඔය රෝහලට අංග සම්පුර්ණ 'කොවිඩ් 19' ප්‍රතිකාර වාට්ටුවක්

සැප් 05, 2021

    දික්ඔය මුලික රෝහලේ ඉදි කරන ලද අංග සම්පුර්ණ 'කොවිඩ් 19' ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය අද (05) රෝහල් පරිපාලනය වෙත භාරදෙනු ලැබීය.

    වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සහ කොළඹ ඒ.වි.එස් පෞද්ගලික සංගමයේ (ආරුනාට්ටු වේලාලර් සංගම්) ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 8ක පමණ වියදමකින් මෙම වාට්ටු සංකිර්ණය ඉදි කර ඇත. 

    ඇදන් 28ක්, අංග සම්පුර්ණ වැසිකිලි පද්ධතියක්, වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට විවේකාගාර, රෝගීන්ට ආහාර ලබාගැනීමට ස්ථානයක් ඇතුළු සියළුම පහසුකම් වලින් මෙය සමන්විතයි.

    'කොවිඩ් 19' නව වාට්ටු සංකිර්ණය භාර දිමේ අවස්ථාවට ඒ.වි.එස් සංගමයේ නිලධාරින් සහ දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරියේ නිලධාරින්,වෛද්‍යවරුන් කිහිප දෙනෙකු නිරෝධායන උපදෙස් වලට අනුකුලව සහභාගි විය. 

    01 4

    01 7 1

    Latest News