කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල 20ත්-29ත් අතර අයට එන්නත් ලබාදීම හෙට (06)...(වීඩියෝ)

සැප් 05, 2021

    කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20ත්, 29ත් අතර තරුණ පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (06) ආරම්භ කරන බව, පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මෙම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදීම එන්නත් ලබාදීම සිදු කරන බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 05 සැප්තැම්බර් 2021 20:45

    Latest News