වැසි නොතකා එන්නත් ලබාගැනීමට පැමිණි හැටන් ජනතාව

සැප් 07, 2021

    හැටන්, දික්ඔය නගර සභා බලප්‍රදේශයේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් 4,900කට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිම අද (07) දින සිදු කෙරිණ.

    හැටන්, හයිලන්ඩ්ස් විද්‍යාලයේ දී අවුරුදු 30ට වැඩි පුද්ගලයන් 2,900 කට සහ හැටන් ඩී.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ දී අවු 30ට වැඩි පුද්ගලයින් 2,000කට එන්නකරණය සිදු කෙරිණ.

    හැටන්, දික්ඔය නගර සභා සීමාවේ පදිංචි අවු 60ට වැඩි සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන නොමැති අයට මෙම මධ්‍යස්ථාන දෙකෙන් දෙවැනි මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් කටයුතු කර තිබුණි.

    හැටන් ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණය ද නොතකා එන්නත් ලබාගැනීමට පුද්ගලයින් විශාල පිරිසක් පැමිණ සිටි බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    01 13 1

    01 12

    01 17

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 10:13

    Latest News