මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඉන් අනතුරුව සැකකාර බදියුදීන් මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නොමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් "කෝලෝසස්" නැමැති තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැළකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ආධාර අනුබල දුන්නේයැයි, සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.