ත්රිරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් පසු යතුරු පැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇත.
තිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ රියදුරු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළුත් කිරිමේන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලවෙත මාරු කර යවා තිබේ.
මියගොස් ඇත්තේ මයිලවල, හම්බෙගමුව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.තුවාල ලබා ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් ගත් තණමල්විල ප්රදේශයේ පදිංචි දෙදෙනකු බව තණමල්විල පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරයි.