අගමැතිතුමාට ඉතාලියේදී අවමන් කිරීමට ඉඩ නැහැ; එරට ශ්‍රී ලාංකිකයන්....(වීඩියෝ)

සැප් 12, 2021
  • තිස් වසරක යුද්ධය අවසන් කළ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා ඉතාලියේදී කිසිදු අවමානයකට හෝ අපහසුතාවකට පත් කිරීමට ඉඩ නොදෙන බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවසනවා.

    එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමග එක්වූ ඇතැම් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතාලියේදී විරෝධය පළ කිරීමට උත්සහ දරන බවයි දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙන්නේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඉතාලියේ නිල රාජ්‍ය චාරිකාවකට එක්වුණේ, "2021 - ජී 20" අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.

    මෙහිදී කිසියම් පිරිසක් පාස්කු ප්‍රහාර මාලාව මූලික කර ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අද උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා. එහෙත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රජයට සහය පළ කරමින් තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 20:30

    Latest News