කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථකව ඉදිරියට...(වීඩියෝ)

සැප් 16, 2021
  • "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රජය මගින් ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් පවතී.

    බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති, මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන්ගේ මූලිකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ඊයේ ආරම්භ කෙරිණ. බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් පාදාගොඩ පිහිටි අංගනය තුළ මෙම පොහොර නිෂ්පාදනාගාරය ආරම්භ කර තිබේ. මෙහි එකවර කාබනික පොහොර ටොන් 50ක ධාරිතාවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

    මේ සඳහා බේරුවල ප්‍රාදේශීය සභාවේ එකතුවන අපද්‍රව්‍ය හා මංමාවත් හෙළි කිරීමේ දී ඉවතලන ගස් හා කොළ යොදා ගැනීම සිදු කෙරේ. මෙම නිෂ්පාදිත පොහොර බේරුවල ප්‍රාදේශීය සභාවට අවට ඇති වගාවන් සඳහා සහන මිලට නිකුත් කිරීමට කටයුතු යෙදීමට බලාපොරොත්තු වන බව, බේරුවල ප්‍රාදේශීය සභාව අවට ඇති වගාවන් සඳහා සහන මිලට නිකුත් කිරීමට කටයුතු යෙදීමට බලාපොරොත්තු වන බව, බේරුවල ප්‍රාදේශීය සභා, සභාපති පවසයි.

    කිරි ගොවීන්ගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා කිරි ගවයන් ලබා ගැනීම සහ කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් සහන පොළිය 8.5%ක් යටතේ රුපියල් ලක්‍ෂය බැගින් ණය මුදල් ලබාදීම ඊයේ, බණ්ඩාරවෙල කිරි නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිති ගොඩනැගිල්ලේ දී සිදු කෙරිණ. ඒ, බණ්ඩාරවෙල කිරි නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතියේ සභාපති ජයතිස්ස රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කාබනික පොහොර පසට යෙදීමේදී එම පොහොර භෝග වෙත කඩිනමින් අවශෝෂණය කිරීම සඳහා පසේ නයිට්‍රජන් ධාරිතාව ඉහළ මට්ටමක තබාගැනීම වැදගත්වේ. ඒ සඳහා අවශ්‍ය "සන්හෙම්" ශාක වගාවක් ආරම්භ කිරීම ඊයේ පොලොන්නරුවේදී ආරම්භ කෙරිණ. මෙම ශාකය අක්කර 25ක් පුරා වගාකිරීම සිදු කෙරේ. මෙමගින් පසේ ඇතිවන නයිට්‍රන් අවශ්‍යතාවය 50% සිට 150 දක්වා ඉහළ අගයක රඳවා ගැනීමේ හැකියාව ලැබේ. මෙම වගාවේ අස්වැන්න පොහොර අවශ්‍යතාවය අනුව බෙදාදීමට කටයුතු කරන බව, රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 සැප්තැම්බර් 2021 19:10

    Latest News