එමෙන්ම වාහන 10ක් ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ වනවිට පුද්ගලයින් 79,723 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර, බස්නාහිර පළාතේ ක්රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ (30) දිනය තුළ, පුද්ගලයින් 1,970ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් පුද්ගලයින් 276ක් නියමිත අවසර නොමැති වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත.
අදාළ මාර්ග බාධක 13 දී වාහන 1,331 ක් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් වාහන 165ක් නියමිත අවසර නොමැති වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත බවයි පොලීසිය පවසන්නේ.