විශේෂයෙන් ජනාධිපතිතුමන්ගේ කැපවීම මත මේ පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍යවරයා කොරියානු ජනරජය මගින් සංවිධානය කර ඇති කොරියාව-ආසියා පැසිෆික් හරිත නව ගනුදෙනු සහයෝගීතා Korea- Asia Pacific news Green Deal Forum සංසදය සඳහා වූ ප්රිධාන දේශනය පවත්වමින් පැවසීය.
2050 වන විට කාබන් අවම කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දී ඇති ප්රතිඥාවකි. 2050 වන විට කාබන් අවම කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා කාබන් විමෝචනය අවම කිරීම සහ හරිත ප්‍රතිසාධනය සඳහා වූ ජාත්‍යන්තර සහයෝගීතාව ඉතාමත් වැදගත් වේ යැයි ඊයේ (05) පස්වරුවේ කොරියානු ජනරජයේ පරිසර අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද කොරියාව-ආසියා පැසිෆික් හරිත නව ගනුදෙනු සහයෝගීතා Korea- Asia Pacific news Green Deal Forum සංසදය සඳහා වූ ප්‍රධාන දේශනයේදී පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.
මෙම සංසදය කොරියානු ජනරජයේ සුවෝන් නගරයේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑම මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව හරිත සංවර්ධන මාවත වැළඳ ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන ලද අතර එහි සභාපතිත්වය හා වගකීම මා හට පවරනු ලැබුවා. මෙම කාර්යක සාධක බලකාය විසින් හරිත ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට කටයුතු යොදනවා. පළමුවෙන්ම, ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින්, වායු ගෝලයේ කාබන් අවම කිරීම සහ හරිත ප්‍රතිසාධනය සඳහා වූ ජාත්යෙන්තර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කළ කොරියාව-ආසියා පැසිෆික් හරිත නව ගණුදෙනු සහයෝගීතා සංසදය ඒ සඳහා මා හට ආරාධනා කිරීම ගැන කොරියානු රජයට මම මුලින්ම ස්තූති කිරීමට කැමත්තෙමි.
ඉන්දියන් සාගරයේ නිවර්තන කලාපීය දිවයිනක් වන ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට බෙහෙවින් අවදානමට ලක් විය හැකි රටක් වුවද එහි ගෝලීය හරිතාගාර වායු විමෝචන දායකත්වය ඉතාමත් සුළු ය. මේ සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකාව විසින් අවදානම් තක්සේරුකරණයක් සිදු කර ඇති අතර අවදානමට ලක්විය හැකි අංශ, ප්රයජාවන් සහ ප්රවදේශවල ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා අනුවර්තිත සැලසුම් ද සකස් කර තිබේ.
අපේ රටවල් සුරැකීම සඳහා ගෝලීය ප්රිජාව විසින් ගනු ලැබූ සහ පැරිස් සම්මුතියේ අරමුණට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ශ්‍රී ලංකාවේ රජයේ ඉළක්කයන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කරන ලද හා ජාතික වශයෙන් නිශ්චය කරන ලද දායකත්වයන් තුළින් පිළිබිඹු වේ. මෙම ගමන්මග තුළ අපි විශ්වාස කරන්නේ අපේ අනාගත පරම්පරාව සඳහා පෘථිවිය රැක ගැනීමේ වගකීම අපට ඇති බවයි.
එම නිසා, මේ වසරේ ජූලි මාසයේදී සිදු වූ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව විසින් යාවත්කාලීන කරන ලද ජාතික දායකත්වයන් හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ඉලක්ක ඉදිරිපත් කර ඇත.
තවද, මෙම දශකය සඳහා ප්‍රමාණාත්මක හා ශක්තිමත් හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ ඉලක්ක සහ ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කරන ලද ජාතික දායකත්වයන් තුළින් විශාල නියෝජනයක් ලබා දෙනවා. රාජ්යඇ අරමුදල්, පෞද්ගලික අංශයේ ආයෝඡන සහ බාහිර අංශවල ආධාර ඇතිව ශ්රීශ ලංකාවේජාතික දායකත්ව නිර්ණායයකයන් ක්රියයාත්මක කිරීමට අපේක්ෂාය කරනවා. මේ සම්බන්ධයෙන් ගත් කල, දේශගුණික විපර්යාස ගෝලීය ගැටලුවක් බැවින් එයට පිළියම් යෙදීම සඳහා ජාත්යනන්තර සහයෝගීතාව අත්යේවශ්ය් ය.
තවද 2050 වන විට ශ්රීව ලංකාව වශයෙන් අපි කාබන් උදාසීන කිරීම සඳහා පියවර ගන්නා බවට පොරොන්දු වී ඇත. 2050 වන විට ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා, කාබන් අවම කිරීම සහ හරිත ප්රීතිසාධනය සඳහා වූ ජාත්යනන්තර සහයෝගීතාව ඉතාමත් වැදගත් වේ. එබැවින් කොරියානු ජනරජයේ සත්කාරකත්වයෙන් මෙම සංසදය පැවැත්වීමේ වැදගත්කම ශ්රීම ලංකාව පිළිගන්නා බව ප්රරකාශ කළ යුතුය.
කාබන් අවම කිරීම හරිතාගාර වායු විමෝචනය අවම කිරිමේ වැඩ පිළීවෙළ තුළ හරිත මූල්යස හා තාක්ෂ ණ සඳහා පුරෝගාමීන්ගේ බාහිර සහයෝගය ඇතුළුව ඉහළම දේශපාලන කැපවීම, මූල්ය් අවකාශය සහ සම්පත් අවශ්යෂ වේ. එබැවින් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්යළ, තාක්ෂසණික මෙන්ම ධාරිතා වර්ධන ආධාර එකතු කිරීම සඳහා ජාත්යධන්තර සහයෝගීතාව අවශ්යළ වන බව අවධාරණය කරමි.
කඩිනම් පරිවර්තනීය මෙන්ම සාධාරණ හා තිරසාර ක්රි්යාමාර්ග මඟින් නව ප්‍ර.තිපත්ති සහ ආයෝඡන සඳහා සොබාදහම සමඟ අපගේ අන්තර් ක්රිරයාකාරිත්වය නැවත සකස් වේ. මෙම සංසදය අප සියලු දෙනාම අපේ පොදු අරමුණු වෙත සමීප කරවන බව මට විශ්වාසයි. අපගේ හවුල් ක්රිවයාදාමය මගින් අපගේ අනාගත පරම්පරාවන් සඳහා අපගේ මාතෘ භූමින් සුරැකීමට හේතු වනු ඇත. එක්සත් ආසියා- පැසිෆික් කලාපීය ප්රරජාවක් ලෙස අපි ඉදිරියට යමු."