ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායේ

ඔක් 06, 2021

    ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට ඊයේ රාත්‍රියේ සේන්දු වුණා.

    එවර්ග්‍රීන් නෞකා සේවාවට අයත් මෙම නෞකාව නම්කර ඇත්තේ "එවර් ඒස්" නමින්. ආසියා යුරෝපා වෙළඳ කටයුතු සඳහා ඉකුත් ජුලි 28 වැනි දින දියත් කෙරුණු නෞකාව සිය මංගල ගමනේදීම කොළඹ වරායට පැමිණීම විශේෂත්වයක්. ඊයේ රාත්‍රී CICT ජැටිය වෙත ළඟා වූ නෞකාව සාම්ප්‍රදායික ජල උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්.

    Ship2 900px 21 10 06

    නෞකාවේ දිග මීටර් 400 ක්. පළල මීටර් 61.5 ක් වන අතර මීටර් 14.5 ක උසකින් යුක්තයි. බහාලුම් 24,000 ක ධාරිතාවයකින් යුත් නෞකාව දකුණු කොරියාවේ නිෂ්පාදනයක්. මෙම නෞකාවට සේන්දු විය හැක්කේ ලොව පුරා පිහිටි වරාය 24 කට පමණයි. එම වරාය සියල්ල පිහිටියේ ද යුරෝපා සහ ආසියානු මහද්වීපවලයි. ඒ අතරින් නෞකාවට පැමිණිය හැකි දකුණු ආසියාවේ එකම වරාය කොළඹ වරාය වීම විශේෂත්වයක්.

    නෞකාව පිළිගැනීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා. නෞකාවේ කපිතාන්වරයා, අමාත්‍යවරයා සහ නිලධාරින් අතර සම්ප්‍රදායානුකූල ඵලක හුවමාරුවක් ද සිදු කෙරුණා.

    Ship3 900px 21 10 06

    Latest News