වෙහෙරගලින් හමු වී ඇති අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව ක්‍රි.ව.7,8 සියවස්වලට අයත්ය.අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කෙරෙන මෙම ප්‍රතිමාවේ ශරීරාංග ද මැනවින් පිළිබිඹුව ඇත.
වම් පාදය පහතට දමා වම් අත බිම තබාගෙන සිටින මෙහි දකුණු අත විතර්ක මුද්‍රාවෙන් යුක්තය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන විශිෂ්ට කලාත්මක ලක්ෂණ හේතුවෙන් එය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති බව මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ බිතු සිතුවම්, වාස්තු, මූර්ති පුරාවිද්‍යා සියවසට සාපේක්ෂව මධ්‍යම සංස්කෘතික අරමුදල මුද්‍රණය කළ ග්රන්ථ මාලා 100ට ශිව මූර්ති ග්‍රන්ථය ද ඇතුළත් විය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්යක්ෂ ලලිත් උදේෂ මධුභාණු විසින් ශිව මූර්ති ග්‍රන්ථය මෙහි දී අගමැතිතුමාට පිළිගන්වන ලදි.
මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මෙරට පාඨකයන් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට මාර්ගගත ක්‍රමය ඔස්සේ පොත් සහ අනුරූ අලෙවි කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට ආරම්භ වී තිබිණි. මෙම වැඩපිළිවෙල ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට ද මෙහි දී තීරණය විය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථවට එක්ව සිටියහ.