ඇමති ‘ස්මාර්ට්' කරන්න යන කලමැටිය වරාය

පෙබ 18, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට්  ධීවර  වරාය ලෙස  (SMART FISHERY HARBOURP) කලමැටිය ධිවර වරාය සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පවසයි.

    රාජ්‍ය අමාත්‍ය මේ බව පැවසුවේ කොරියානු නියෝජිත කණ්ඩායමක් සමග කලමැටිය ධිවර වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමින්.

    නිල් ආර්ථික වැඩපිළිවෙල යටතේ මෙම (SMART FISHERY HARBOUR) සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ධිවර වරායේ ජල අවශ්‍යතා සදහා අවශ්‍ය සම්පුර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අධ්‍යනයක නිරත වූ අතර මෙම අවස්ථාවට එක්ව සිටි කොරියානු නියෝජිත කණ්ඩායම පැවසුවේ පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150 වඩා යට සිට පිරිසිදු පානිය ජලය ලබාගැනීම මගින් ධිවර වරායේ කටයුතු සඳහා පමණක් නොව අවට ගම්මාන සදහා ද පානිය ජලය ලබාදීමේ හැකියාව පවතින බවයි.

    කලමැටිය ප්‍රදේශයේ පවතින උග්‍ර පානිය ජල ගැටළුවට මෙය තිරසර විසදුමක් වියහැකි බව එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

    මෙම නිරීක්‍ෂණ චාරිකාවේ දී සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිලිබදව සොයාබැලූ අතර එමගින් නිපදන විදුලියෙන් කලමැටිය ධිවර වරායේ සියළු විදුලිය අවශ්‍යතා සපුරා අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් එමගින් ජාතික විදුලිය අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමට ද SMART FISHERY HARBOUR සංකල්පය යටතේ හැකියාව ලැබෙන බවත් අවධාරණය කෙරිණ.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 13:20

    Latest News