ඒ, ඉන්දියාවේ පැවති අති සාර්ථක සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගි වීමෙන් පසුවයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඇය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. එය සංවිධාන කළේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි. තම ගීතවලට ඉන්දියානු ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර බෙහෙවින් අගය කරන බව ඇය ප්‍රකාශ කළා.