“අපනයන කෘෂි කලාප ජාතික වැඩසටහන“ ස්ථාපනය කෙරේ....(වීඩියෝ)

ඔක් 18, 2021
  • “අපනයන කෘෂි කලාප ජාතික වැඩසටහන“ යටතේ කලවාන පොතුපිටිය කෘෂි අපනයන කලාපය පසුගියදා ස්ථාපනය කෙරුණා.

    මේ කලාපයන්හි වගාවන් සිදු කරනුයේ මුළුමනින්ම කාබනික පොහොර පමණක් යොදා ගනිමින්. කලවාන, පොතුපිටිය කෘෂි අපනයන කලාපයට පවුල් 500ක් පමණ අයත් වනවා. එම පවුල්වලට ගම්මිරිස්, කුරුඳු, කහ සහ පුවක් පැල ලක්‍ෂයක් බෙදාදීමට නියමිතයි. එය සංකේතවත් කරමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් 100ක් සඳහා පැළ බෙදා දෙනු ලැබුවා.

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 18:39

    Latest News