ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

නොවැ 02, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පුද්ගලික සමාගමේ පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබීය. 

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ ජයනි වෑගොඩපොල මහත්මිය, මෙම නඩුවේ සැකකරු විසින් සිදුකර තිබෙන ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ඇතුලත් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කළාය.

    රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම ලිඛිත දේශන වලට අමතරව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

    ඒ අනුව නඩුව නැවත නොවැම්බර්ස මස 16 වැනිදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදින තෙක් සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. 

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 11:48

    Latest News