යාල්දේවි අද ගමන් අරඹයි

නොවැ 03, 2021

    යාල්දේවි දුම්රිය අද (03) අලුයම 5.55ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරය දක්වා ගමන් ආරම්භ කෙරිණ.

    සංචරණ සීමා හේතුවෙන් මාස 6කට අධික කාලයක් නතර කර තිබූ මෙම දුම්රිය අද අලුයම 5.55ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත්ව යයි.‍ එය නැවත හෙට (4) අලුයම 5.30ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය කරවීමට නියමිතයි. ඒ අනූව ගල්කිස්ස දුම්රිය ස්ථානයට ළගාවිය යුතු වේලාව වශයෙන් සටහන්කර ඇත්තේ හෙට රාත්‍රී 7.00ටයි.

    මේ අතර, කන්කසන්තුරය දක්වා ධාවනය වන නගරාන්තර දුම්රිය ද හෙට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත්ව යාමට නියමිතයි. එය සෑම දිනකම පෙ.ව 5.10ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම නගරාන්තර දුම්රියේ ගමන් කිරීමට අපේක්ෂා කරන මගීන්ට කලින් ආසන පහසුකම් වෙන්කර ගත හැකියි.

    Last modified on බදාදා, 03 නොවැම්බර් 2021 11:58

    Latest News