නැනෝ නයිට්‍රජන් පොහොර රැගත් ගුවන් යානා 02ක් දිවයිනට

නොවැ 04, 2021

    මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.

    හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර තොගය ශ්‍රී ලංකාවට නොමිලේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.

    අද (04) අළුයම මෙම පොහොර තොගය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙකකටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    මෙම නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට පියවර ගැනේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 04 නොවැම්බර් 2021 11:49

    Latest News