දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වී, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළගාවනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මෙහි බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සමග පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා තද සුළං ඇති විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.