ආපදා තත්වය නිසා පාසල් 630ක් වැසෙයි

නොවැ 11, 2021

    අපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් හයසිය තිහක් පමණ වසා දැමීමට සිදුව තිබේ.

    යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444ක්ද වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් එකොළහ බැගින් ද වසා දැමීමට සිදු වූ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් දිසානායක පැවසීය.

    ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යට වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම, බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි පාසල් පහළොවක් පමණ ද සබරගමුව පළාතේ ඇළපාත ප්‍රදේශයේ පාසල් පහක් ද වසා දැමීමට සිදු වී ඇත.

    මේ අතර පවතින අයහපත් කාලගුණය මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් එකසිය පහක් පසුගියදා (09) වසා දැමිණ.

    Latest News