‘‘මුතුරාජවෙල ගැසට්ටුවෙන් නීත්‍යානුකූලව ජනතාව වෙසෙන කිසිඳු ප‍්‍රදේශයක් අත්පත් කරගෙන නැහැ"

නොවැ 12, 2021

    ජනාධිපතිතුමා විසින් නාගරික විශේෂ විධිවිධාන පනත යටතේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රයෙන් ජනතාව නීත්‍යානුකූලව වාසය කරන කිසිදු ප‍්‍රදේශයක් අත්පත් කර ගැනීමට යෝජනා කොට නැතැයි, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී මුතුරාජවෙල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් ලබාදෙමිනි.

    ඒ කෙසේ වෙතත් 1996 දී වන ජීවී දෙපාර්තුමේන්තුව විසින් අභය භූමියක් ලෙස නම් කොට තිබූ ප‍්‍රදේශය තුළ පවා මේ වන විට ජනාවාස පිහිටා ඇති බවත්, අලූත් ගැසට් පත‍්‍රයෙන් ඔවුන්ට කිසිදු හානියක් නොවනා බවත් ඔවුන්ට තම වාසස්ථානවලම ජීවත් විය හැකි අතර තවදුරටත් අනවසරයෙන් වගුරු බිම ගොඩකිරීම පමනක් මින් නතර කෙරෙනා බවත් ඔහු පැහැදිලි කලේය.

    මීගමුව ආසනය තුළ මුන්නක්කරය, පිටිපන, බෝලවලාන, කුරණ, කැපුම්ගොඩ ඇතුලූ ග‍්‍රාම සේවා වසම් රාශියක් ගැසට් පත‍්‍රයේ සඳහන් වන්නේ කලපුවේ මායිම් නිසා මිස ඒ ග‍්‍රාම සේවා වසම්වල කිසිදු ඉඩමක් අත්පත් කර ගැනීමට මේ ගැසට් පත‍්‍රයෙන් යෝජනා කොට නැති බවද ඔහු අවධාරණය කලේය.

    ගැසට් පත‍්‍රයක් කියවා තේරුම් ගැනීමට නොහැකි අය වැරදි අර්ථ නිරූපන දීම නිසා අනවශ්‍ය ලෙස ජනතාව පූජකතුමන්ලා හා දේශපාලනඥයින් කලබල වී ඇති බවත් පසු ගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් අදහස් පලකල පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් තනි තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන් හමුවී මේ ගැන පැහැදිලි කල බවත් තවදුරටත් මේ ගැන සාකච්ඡා කොට අවශ්‍ය නම් කලපුව මේ ගැසට් පත‍්‍රයෙන් ඉවත් කිරීමට වුවත් ඉඩ තිබෙනා බවත් ඔහු පැහැදිලි කලේය.

    දැනට ඉතුරු වී ඇති වගුරු බිම් ප‍්‍රදේශයවත් ආරක්ෂා කර නොගත්තහොත් අනාගතයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ බරපතල ගංවතුර තර්ජනයන්ට මුහුණ දෙන්නට සිදුවන බව අනාගත පරපුර වෙනුවෙන් රජය ගත් තීරණයට විරුද්ධ වන්නන් මතක තබා ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.

    'ගැසට් පත‍්‍රයේ පැහදිලිවම කියා තිබෙනවා ගූගල් ඛන්ඩාංක වලින් පෙන්වන්නේ රජය විසින් සංරක්ෂණය කිරීමට යෝජිත ප‍්‍රදේශවල මායිම් කියා. මේ යෝජිත සංරක්ෂණ කලාපයෙන් අති බහුතරයක් මීගමු කලපුවයි. කලපුවේ මායිම් ගූගල් ඛන්ඩාංකවලින් දක්වන කොට කලපුවට මායිම් වන ග‍්‍රාම සේවා කොට්ටාශවල නම සඳහන් කරන්නම වෙනවා.

    නමුත් ඉන් අදහස් වන්නේ නැහැ කලපුවෙන් ඔබ්බට ගොස් ග‍්‍රාම සේවා කොට්ටාශ තුළ ඇති ඉඩම් මේ ගැසට් පත‍්‍රයට ඇතුලත් කොට තිබෙනවා කියා. උදාහරණයක් වශයෙන් මේ ගැසට් පත‍්‍රයේ සඳහන් වන මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 156 A මුන්නක්කරය උතුර, 160 E උඩයාතෝප්පුව දකුණ, 156 මුන්නක්කරය, 156 E මුන්නක්කරය නැගෙනහිර, 162 පිටිපන උතුර, 162 C පිටිපන මධ්‍යම, 162 ක්‍ දකුණු පිටිපන, නැගෙනහිර, 160 A තලාදූව, 157 බෝලවලාන, 157 E කුරණ බටහිර, 163 තලාහේන, 163 E දුන්ගල්පිටිය, 156 ක්‍ සිරිවර්ධන පෙදෙස, 163 ක්‍ සෙට්ටප්පාඩුව, 163 A කැපුනගොඩ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස තුළ දැනට තිබෙන එකම නිවසක් වත් මේ ගැසට් පත‍්‍රයෙන් පවරා ගැනීමට යෝජනා වෙලා නැහැ. පහුගිය දිනවල විරෝධතා දැක්වූ කතෝලික දේවස්ථාන බොහෝමයක් තිබෙන්නේ මේ යෝජිත කලාපයෙන් පිටයි.

    මේ අතර තවත් කොටසක් ඉන්නවා දැනටම වන ජීවී දෙපාර්තුමේන්තුව තුළ අභය භූමියක් ලෙස නම් කොට තිබෙන ප‍්‍රදේශයේ පදිංචිවෙලා. ඒ අය නම් දැනටමත් ඉන්නේ අනවසරයෙන්. ඒ අය ඒ නිසා කලබල වෙලා ඉන්නවා ඇති. නමුත් ඔවුන්ටත් ඉදිරියේදී යම් නීත්‍යානුකූල බවක් දී ඔවුන් ආරක්ෂා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා' යැයි පැවසීය.

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 11:52

    Latest News