2022 අය වැය සජීවී විකාශය (Budget 2022 Live Update)

නොවැ 12, 2021
  • විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරෙන අතර එයට ආරම්භක අරමුදලක් ලෙස රජය රුපියල් බිලියන 100ක් වෙන් කෙරේ.


    ජාත්‍යන්තර දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සංඥා අඩුපාඩුව සම්බන්ධයෙන් කැපී පෙනුණා. ඒ හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් සඳහා ෆයිබර් ඔප්ටිකල් අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශන කොමිසමට මුදල් වෙන් කෙරේ

    5G තාක්ෂණය මෙරටට ලබා දීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එය විවෘත වෙන්දේසියේදී සිදුකළ යුතුය.

    මින් ඉදිරියට රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත මින් ඉදිරියට ලබාදීම සිදුකළ යුත්තේ ප්‍රසිද්ධ වෙන්දේසියේ දී සිදුකළ යුතුය.

    2021 වර්ෂ අයවැයෙන් යෝජනා කළ විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ එම භාණ්ඩ සහ සේවා සඳහා 2022 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ

    කුලී ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටිමට යෝජනා කරයි

    සක්‍රීය සේවයේ යෙදිය හැකි පිරිසට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කෙරේ.

    රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා විසඳීම සම්බන්ධයෙන් වැටුප් කොමිසමේ වගකීමක් වන බැවින් ලබන වසරේ සිට නව වැටුප් ක්‍රමයක් සැකසීමට යෝජනා කෙරේ

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 15:03

    Latest News