සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කෙරේ...

නොවැ 15, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

    එම මාර්ගෝපදේශ හෙට(16) සිට නොවැම්බර් 30 දක්වා ක්‍රියාත්මකයි. ඉකුත් පළමු වැනිදි සිට අද දක්වා ක්‍රියාත්මක කෙරුණු, මාර්ගෝපදේශ රැසක් ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක වේ. නිවෙස්වල පැවැත්වෙන පෞද්ගලික හමුවීම් සඳහා 10 දෙනෙකු සහභාගී කර ගැනීමට අවසර හිමිවේ. එළිමහනේ පවත්වන පෞද්ගලික හමුවීම් සඳහා අවසර ලබාදී නැහැ. ආපන ශාලා තුළ ආහාර ගත හැක්කේ ධාරිතාවෙන් තුනෙන් එකක් වන පරිදි උපරිම 75 දෙනෙකුට යටත්වයි.

    එළිමහනේ ආාහාර ගත හැකි ප්‍රමාණය 100 කි. සුපිරි වෙළඳසැල්, කඩසාප්පු, ඖෂධ ශාලා සඳහා ධාරිතාවෙන් තුනෙන් එකක් ඇතුලත් කර ගත හැකියි. වරකදී ඇතුලත් කර ගන්නා ප්‍රමාණය, පිටත ප්‍රදර්ශනය කළ යුතුවේ. ව්‍යායාම් මධ්‍යස්ථාන සහ සිනමා ශාලා සඳහා ඇතුලත් කරගත හැකි ප්‍රමාණය එහි ධාරිතාවයෙන් 50% කි.

    අවමංගල්‍ය සඳහා එක්වරකදී සහභාගී කරගත හැකි පිරිස 20 ක්. ප්‍රදර්ශන සහ සමුළු දෙසැම්බර් 01 දා සිට මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිීරීමට අවසර හිමිවෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරමින් විභාග කටයුතු සිදු කළ හැකියි. නොවැම්බර් 30 වැනිදා වන විට තත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි මාර්ගෝපදේශ සකසන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

    සම්පුර්ණ මාර්ගෝපදේශ සම්බන්ධ ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.....

     

    Page01 900px 21 11 15

     

    Page02 900px 21 11 15

     

    Page03 900px 21 11 15

    Page04 900px 21 11 15

    Latest News