ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දෙයි

පෙබ 21, 2019

    ජනතා සෞඛ්‍ය පහසුකම් පුළුල් කෙරෙන ඊ-හෙල්ත් කාඩ්පත අද හඳුන්වා දෙනු ලැබීය.

    නෙදර්ලන්ත රජයේ ආධාර මත ඊට වැය කරන මුදල රුපියල් මිලියන 13,000ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල් හෙල්ත් ව්‍යාපෘතිය යටතේ හඳුන්වාදෙන ඊ හෙල්ත් කාඩ්පතේ රෝගියාගේ සියලු තොරතුරු අන්තර්ගතයි.

    පෞද්ගලික හා සෞඛ්‍ය දත්ත, රෝහලෙන් නිකුත් කර ඇති ඖෂධ ප්‍රමාණය, රෝග ඉතිහාසය ආදි කරුණු ඒ අතර වේ. මෙම කාඩ්පත භාවිත කිරීමෙන් ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවේ.

    කාඩ්පත හඳුන්වාදීමේ උත්සවය කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News