කන්කසන්තුරේ වරාය සංවර්ධනය කෙරේ

පෙබ 21, 2019

    කන්කසන්තුරේ වරාය සංවර්ධනයට රජය පියවර ගෙන තිබේ. ඊට අමෙරිකානු ඩොලර් මිලියන 44ක් වැය කෙරෙන බව, අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    වරාය ආශ්‍රිතව කර්මාන්තපුරයක් ද ආරම්භ කිරීමට නියමිතයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘති, නව සංවර්ධන කටයුතු, ඇතුළු සුවිශේෂි තොරතුරු පරිහරණය කළ හැකියි. වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ මෙන්ම සමුද්‍රය ක්‍ෂේත්‍රයේ නව දැනුම ජනගත කිරීම එහි අරමුණයි. මෙහිදී කන්කසන්තුරෙයි වරාය සංවර්ධනය පිළිබඳ අදහස් පළ කළ අමාත්‍ය සාගල රත්නායක මහතා...

    “ඉන්දීය රජයෙන් ලැබෙන ණය ආධාරයක් යටතේ ඩොලර් මිලියන 44ක් භාවිත කරලා අපි එතන සංවර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ වැඩ කටයුතු පටන් අරන්. දැනටම අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කෙටිකාලයක් තුලදී උපදේශකවරු පත්කරන්න. ජුලි මාසය වෙද්දි පර්යන්ත දෙකක් වාණිජ කටයුතුවලටත්, ඒ වගේම නාවික හමුදාවට එක පර්යන්තයෙකුත් සංවර්ධනය කරන්න.

    ඊට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය කර්මාන්ත පුරයකුත් එතන සංවර්ධනය කරනවා. ත්‍රිකුණාමලයේ දැනට කටයුතු කරන්නේ දිවා කාලයේ පමණයි. ජපානයෙන් අපිට යෙන් බිලියනයක ආධාර ලැබිලා තියෙනවා. ඒකෙන් අපි රාත්‍රි කාලයේත් වරාය කටයුතු සිදුකරන්න අවශ්‍ය පද්ධතිය සකස් කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය“.

    Latest News