පාඨලී අද (30) අධිකරණයට....

නොවැ 30, 2021

    අපරික්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකු අනතුරුව ලක් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ප්‍රතික්‍ෂේප කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් පිළිතුරු දේශන දෙසැම්බර් මස 2වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස, කොළඹ මහාධිකරණය අද (30) නීතිපතිවරයාට නියෝග කළා. 

    2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් චම්පික රණවක මහතාට එල්ල වී තිබෙනවා. විත්තිකරුවන් ලෙස නම්කරනු ලැබ සිටින හිටපු අමාත්‍යවරයා, ඔහුගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ අදාල රිය අනතුර වන අවස්ථාවේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටුයුතු කළ සහකාර පොලිස් අධිකාරි සුගත් අස්මඩල යන මහත්වරුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.  

    අපරික්ෂාකාරීව රියපදවා තරුණයෙකු අනතුරට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති තවත් නඩුවක මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 03 වැනි දින ප්‍රකාශයට පත්කරන බවද, කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා සඳහන් කළා.

    Latest News