'නිවසක් නොමැතිව උපන් බිමේ බෝඩින්කාරයන් වන යුගය' නිමා කළ යුතුයි - අගමැති

දෙසැ 16, 2021

    නිවසක් නොමැතිව උපන් බිමේ බෝඩින්කාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

    අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ස්ථාපිත නිවාස 528කින් යුත් කොළොම්තොට - සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

    කොළඹ - 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ නව මහල් නිවාස සංකීර්ණය ඉදිකර තිබේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහා ද මෙම නිවාස සංකීර්ණයෙන්ම නිවාස ලබා දීමටයි, පියවර ගෙන ඇත්තේ. එක් නිවසක් නිදන කාමර දෙකක් හා අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විතයි.

    නිවාස 528 ඉදිකිරීමට බදු රහිතව වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1,900කට ආසන්නයි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් ක්‍රියාත්මක කළේ 'මාගා ඉංජිනේරු පෞද්ගලික සමාගම' යි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා වෙන් කර ඇති ගොඩනැගිල්ල නිල වශයෙන් බාර දීම ද මෙහිදී සිදු කෙරිණ.

    266707547 454063319419202 6675350845072777976 n

    267465454 454063989419135 7323051757755193016 n

    Latest News